ළමුන්ගේ ක්‍රියාකාරී බඩේ වේදනාව
සීදූව මෙඩිකල් සෙන්ටර් වෙතින් විශේෂ වෛද්‍ය උපදෙස්
ළමුන් අතර නැවත නැවත ඇතිවන බඩේ වේදනාව ඉතා සාමාන්‍ය ගැටලුවකි. බොහෝ දෙමාපියන් මෙය අල්සර්, පණුවන්, ඇපෙන්ඩිසයිටිස්, හෝ බරපතල බඩේ රෝගයක්ද? යන භීතියෙන් පසුවේ.
නමුත් බොහෝ අවස්ථාවල මෙය ක්‍රියාකාරී බඩේ වේදනාව (Functional Abdominal Pain) ලෙස හැඳින්වේ. මෙහිදී දරුවාට ඇත්ත වශයෙන්ම වේදනාව දැනේ, නමුත් බොහෝ පරීක්ෂණ සාමාන්‍ය ලෙස පෙනේ.
මෙය බොහෝවිට අන්ත්රය සහ මොළය අතර සම්බන්ධතාවය අතිශය සංවේදී වීම, මලබද්ධය, මානසික ආතතිය, හෝ අක්‍රමවත් ආහාර පුරුදු නිසා සිදුවේ.
මෙය ඇතිවීමට හේතු
පහත හේතු බොහෝවිට දක්නට ලැබේ:
මලබද්ධය
වේලාවට ආහාර නොගැනීම
ප්‍රමාණවත් නින්දක් නොලැබීම
පාසල් ආතතිය
විභාග ආතතිය
අධික junk food
වතුර අඩුවෙන් පානය කිරීම
ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම
විශේෂයෙන් පාසලට යාමට පෙර උදේ, හෝ විභාග කාලයේදී මෙම වේදනාව වැඩි විය හැක.
සාමාන්‍ය ලක්ෂණ
දරුවාට පහත ලක්ෂණ තිබිය හැක:
නාභිය අවට වේදනාව
නැවත නැවත බඩේ කැක්කුම
බඩ පිරුණු හැඟීම
ඔක්කාරය
කෑම රුචිය අඩුවීම
මල පිටකිරීමට අපහසු වීම
උදෑසන වේදනාව වැඩි වීම
පාසල් දිනවල ලක්ෂණ වැඩි වීම
නමුත් බොහෝවිට දරුවා සාමාන්‍ය ලෙස සෙල්ලම් කරයි, ක්‍රියාශීලීව සිටී, බර හා උස සාමාන්‍ය ලෙස වැඩේ.
වහාම වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා
පහත ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න:
උණ
බර අඩුවීම
දිගටම වමනය
මළපහ සමඟ රුධිරය පිටවීම
දරුණු මලබද්ධය
රෑ නින්දෙන් ඇහැරෙන වේදනාව
දකුණු පහළ බඩේ වේදනාව
බර වැඩීම අඩුවීම
කෑම රුචිය දිගටම අඩුවීම
ප්‍රතිකාර සහ නිවසේ කළ යුතු දේ
දෙමාපියන්ට කළ හැකි දේ
වේලාවට ආහාර ලබාදීම
ප්‍රමාණවත් වතුර ලබාදීම
පළතුරු සහ fiber වැඩි ආහාර
මලබද්ධය ඉක්මනින් ප්‍රතිකාර කිරීම
නිසි නින්ද
පාසල් ආතතිය අඩු කිරීම
සාමාන්‍ය සෙල්ලම් සහ පාසල් යාමට උනන්දු කිරීම
වේදනාව ගැන අධික අවධානයෙන් නොසිටීම
ප්‍රතිකාරයේ අරමුණ වන්නේ බඩවැල් ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමයි.
බොහෝ දරුවන් සැනසීම, නිසි ආහාර පුරුදු, සහ මලබද්ධ ප්‍රතිකාරයෙන් ඉතා හොඳින් සුව වේ.
දෙමාපියන්ට අවසාන පණිවිඩය
ක්‍රියාකාරී බඩේ වේදනාව සැබෑ, සාමාන්‍ය, සහ සම්පූර්ණයෙන් පාලනය කළ හැකි තත්ත්වයකි.
ඔබේ දරුවාට නැවත නැවත බඩේ වේදනාව ඇති නම්, ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් අනවශ්‍ය භීතිය අඩු කර නිවැරදි කළමනාකරණය ලබාගත හැක.
-------------------------------------------------------------------
Functional Abdominal Pain in Children
Repeated stomach pain is a very common complaint in children. Many parents become worried that it may be due to an ulcer, worms, appendicitis, or a serious stomach disease.
However, in many children, the cause is Functional Abdominal Pain (FAP) — a condition where the child feels genuine abdominal pain even though medical tests are often normal.
This happens because the intestine becomes extra sensitive, and the gut-brain connection reacts strongly to normal bowel movements, gas, stress, or constipation.
Why Does It Happen?
Common reasons include:
Constipation
Irregular meal times
Poor sleep
Anxiety or school stress
Sensitive bowel nerves
Excess junk food
Low water intake
Lack of physical activity
Children may especially complain of pain before going to school, during exam periods, or after emotional stress.
Common Symptoms
Parents usually notice:
Pain around the belly button
Recurrent stomach aches
Bloating
Nausea
Poor appetite
Difficulty passing stools
Pain worse in the morning
Symptoms linked with school days
The reassuring sign is that the child usually plays normally, remains active, and continues to grow well.
Warning Signs — See a Doctor Immediately
Please consult urgently if your child develops:
Fever
Weight loss
Persistent vomiting
Blood in stool
Severe constipation
Night pain waking from sleep
Right lower abdominal pain
Poor weight gain
Loss of appetite
These symptoms may need further medical evaluation.
Treatment and Home Care
Parents can help by:
Giving regular meals
Encouraging water intake
Increasing fruits and fiber
Treating constipation early
Ensuring proper sleep
Reducing school stress
Encouraging normal play and attendance
Avoiding excessive focus on pain
Treatment focuses on restoring a healthy gut routine.Most children improve significantly with reassurance, constipation treatment, and healthy lifestyle changes.
Message to Parents
Functional abdominal pain is real, common, and treatable. Early medical assessment helps exclude serious causes and gives parents confidence in managing the child correctly.
If your child has repeated stomach pain, early consultation can prevent unnecessary fear and improve recovery.
https://www.seeduwamedicalcenter.lk/